Kitchen
කුකුළු මස් සුප්
ඇතැම්විට ඔබ නොදන්නවා ඇති. කුකුළු මස් සුප් කියන්නේ ඔබේ ශරීරයට හිතකර
ආහාරයක්. බොහෝ දෙනෙක් මේ පිලිබඳ නොදන්නවා විය හැකියි. එත් පර්යේෂණ වලට අනුව
හෙළි වී ඇත්තේ සීතල හෝ උණුසුම් ජලයට වඩා කුකුළු මස් සුප් ඉතා ක්රියාකාරී
බවයි. නාසයේ දියරමය ස්වභාවය ඇති වීම සඳහා මෙය විශාල වශයෙන් උපකාරී වන බව
පර්යේෂණ වලින් හෙළි වී ඇත. මෙම නාසයේ දියරමය ස්වභාවය ඇති වීම ශරීරයේ
රෝගකාරක බැක්ටීරියා හා වයිරස් ආදියට එරෙහිව ක්රියා කිරීම සඳහා බෙහෙවින්
උපකාරී වේ. එමෙන්ම සුප් මගින් අනෙකුත් දියරමය ආහාර සේම ඔබේ ශරීරය විජලනය
වීම වළක්වාලයි. ඒ වගේම ඔබ කැමති නම් මෙම සුප් එකට මිරිස් ටිකක් එකතු
කරගන්නත් පුළුවන්. එයින් මෙම බැක්ටීරියා ආදිය විනාශ කිරීම තවත් වැඩි කරනවා.
මේ විදියට කුකුළු මස් සුප් වලින් ඔබේ ප්රතිශක්තිය වැඩි කර ගන්න අදම පටන්
ගන්න ඔබට පුළුවන්.